Pages

Thursday, March 24, 2011

ගුරු මාරු ප්‍රතිපත්තිය........

ලංකාවෙ රජයේ සේවකයන් අතර දැඩිවම තියන ප්‍රශ්ණය තමයි මාරු වීම්. මාරුවීම් කිව්වම විවිධාකාරයෙ ප්‍රශ්ණ. සමහරුන්ට මාරුවීම් නැතුව ඉන්නව. සමහරු මාරුවීම් ලැබෙයි කියල බයෙන් ඉන්නව. සමහරු රාජකාරියෙන් මාරු වෙනව.
හුගක් අවස්ථාවල ඒකාබද්ධ සේවයේ හා පලාත් සේවයේ ඉන්න අයට මේ ප්‍රශ්ණය දැඩිව තියනව. ඒ අතරින් හෙද සේවය හා ගුරු සේවය ඉතා ප්‍රබලයි. හොදම උදාහරනෙ මම. මගෙ දයාබරිය සේවය කරන්නෙ නුවර එළියෙ විදුහලක. මම කොළඹ . මගෙ රාජකාරි ස්වභාවය අනුවම මට කොළඹින් පිට වෙන්ව බෑ. දයාබරිය දැන් අපේ පුංචි පැටියව කුස දරන් මාස 09ක්ම වෙනව. මම හැම සිකුරාදාවකම නුවරඑළි යනව. සදුද උදේ 02 ට විතර ආයෙ කොළඹ එනව.
මම දැකල තියනව සමහරුන්ගෙ සැමිය අනුරාධපුරේ . භාර්‍යාව ගාල්ලෙ. දැන් ඉතින් මේ දෙන්නට හම්බවෙන්න තියෙන්නෙ Facebook වලින් විතරයි. !!!!!!!!!
මාරුවක් හදාගන්න කන්තොරු පස්සෙ බඩගාන එක නවත්තල මං හුගක් කල්. එක පාරක් උත්සාහ කලා. සානුකම්පිත හේතු මත. හැබැයි අයදුම්පත ප්‍රතික්ෂේප උනා. හේතුව වසර 05 සම්පූර්ණ නොවීම. නීති තර්කෙ ඒක. හරි කමක් නෑ කියමුකො. හොදම හරිය ඒක නෙවෙයි. මාරු මණ්ඩලේ (ඉන්න මණ්ඩලේ කචල්) මහතෙක් මට කථා කරල කියනව , දයාබරීගෙ මාරැව හදන්න පුළුවන්. හැබැයි කාසි 00000 ක් දෙන්න වෙනව කියල. මම එයාගෙන් ඇහුව එතකොට නීතිය ? ග මේ මනුස්පය කිව්වෙ නීතිය වෙනස් කරන්න කාසි වලට පුළුවන් කියල. හෆොයි!!!!!!!!!! .
දයාබරිය මට කිව්වෙ අපි මෙහෙම අවුරුදු 05 ඉමු කියල. කොහේ ඉගැන්නුවත් ඉගෙන ගන්නෙ අහිංසක දෙමව්පියන්ගෙ පුංචි පැටවුනෙ.
මේ අතරෙ මට තවත් අත්දැකීමක් ලැබුන. ඒ ඉසුරු(අ)පායෙදි.
විශාකාවෙ ගුරුතුමියක් ඇවිල්ල හිටිය තමන්ගෙ මාරුවීම හදාගන්න. සියළු සුදුසුකම් සපුරා ඇත. මාරුවීම ඉල්ලන්නෙ රාජකීය විදුහලට. මීට අවුරුදු 05 කට කලිනුත් ඇය ඒ විදුහලේම වැඩ කරල.

රාජකීයෙ ගුරුවරු බොහෝ අය ස්ථාන මාරු ගන්නනෙ විශාකාවට. විශාකාවෙ ඈයො රාජකීයෙට. හරිනෙ. නීතියෙ තියෙන්නෙ එක පාසලක අවුරුදු 05 ක් ඉන්න ඕන කියලනෙ. රාජකීයෙ ගුරුවරු 358 ක් ඉන්නව!!!!! විදුහල්පත්තුමාට තියන ප්‍රධාන ගැටළුවලින් එකක් තමයි ගුරුවරුන්ගෙ මූණුටික මතක තියා ගන්න එක.

ඈත දුෂ්කර පාසලක ඉන්න ගුරුවරයෙකුට මාරුවක් ගන්න ගියාම දාහක් ප්‍රශ්ණ. හැබැයි කොළඹ අයට මොනවත් නෑ.

මට තියන එකම ගැටළුව ගුරු මාරු ප්‍රතිපතිපත්තියක් හෙම අපට තියනවැයි!!!!!!!!!!!!!!!!!!!!

Tuesday, March 8, 2011

දැයට කිරුල ප්‍රදර්ශනය ගැන ප්‍රශ්න පහක්.

මගේ සිතිවිලි බ්ලොග් එකේ තිබුන පහත ලිපිය හරිම රසවත් නිසා රචකයාගෙ අවසරය සහිතව කොපි කරන්න හිතුන. ඔයාලත් බලන්නකො මේ ප්‍රශ්ණම ඔයාලටත් ආවද කියල ?.....................................


01. දුටුගැමුණු බාගෙට හදපුව, සද්ධාතිස්ස බොරුවට ඉවරකරල පෙන්නුව වගේ, පරණ ගම් උදාව භූමියෙ දැයට කිරුළේ සේරම තනිකරම ප්ලයිවුඩ් වලින් හදල තිබුණේ මොකද ?

02. ආශ්චර්‍යයේ කිරුල කියල නම් දැම්මෙ , රජවුනු එක අදහගන්න බැරි පුදුමයක් නිසාද ?

03. ප්‍රදර්ශනය පටන් ගන්නකොට , සිංහ ඔළුවක් හයිකරගත්ත ඔළුබක්කෙක් ජනාධිපතිතුමාට කඩුවක් දුන්නෙ කොස් කොටන්නද ?

04. ප්‍රදර්ශණය වටේටම , මැටි හරකුන්ගෙ රූප අඹල තිබුනෙ එන අයට කාව මතක්වෙන්නද ?

05. දැයට කිරුළ ලාංජනයෙ හිටිය , රතු කොඩි අරන් එන අශ්වාරෝහකයො තුන්දෙනා ජේ.වී.පී. කාරයොද ?

Monday, March 7, 2011

අපේ අධයාපනඅඤ්ඤයො (අධ්‍යාපනඥයෝ හෙම නෙවෙයි.)

උදේම සංජු ගේ සයිබර් සමාගම පැත්තෙ ගියා. තිබුන කථා ටික කියෙව්වම මටත් හිතුන අධ්‍යාපන(අමාත්‍යාංශය ????) ය ගැන මගෙ තියන අත්දැකීම් ටිකක් කියන්න.

හැබැයි ඊට කලින් පසුබිම හදා ගන්න කථා දෙක තුනක් කියන්න වෙනව.

රාමගෙ දුන්න කඩපු කථාව අහල තියෙන්නෙ කවුද ?.... ආ... හරි... හරි.... අත් පහල දාල අහල නැති අය අහගන්න..

මේ කථාව විවිද විදිහට මම අහල තියනව. හැබැයි මම වගකීමෙන් කියනව මේක ඇත්තටම ඇත්ත කථාවක්.

මේ සිදිධිය උනේ 1990 දශකයෙ මැද , සබරගමු පළාතෙ.

එක දවසක් ඉතිහාස විෂ්‍යයට ඉන්න කළාප අධ්‍යාපන උපදේශක මහතා පාසලකට ගියා. ඉතිං මේ උපදේශක මහතා එක් පංතියකට ගිහින් ගුරුතුමී උගන්නන දිහා නිරීක්ෂණය කලා. ගුරුතුමීත් දන්න වැඩ ඔක්කොම දාලා ඉගැන්වීම කරගෙන ගියා. උපදේශක මහතා පාඩම අවසානයෙ ළමයින්ගෙ දැණුම පරීක්ෂා කරන්න උනා.

පංතියෙ හිමිය දගම දරුව උනේ සිරිපාල. උපදේශක මහත්තය මේ බව දන්නෙ නෑ.

උපදේශක මහත්තය සිරිපාලට නැගිටින්න කියල අහනව , පුතා කියන්න බලන්න රාමගෙ දුන්න කැඩුවෙ කවුද කියල ?

බයෙන් බයෙන් නැගිටපු සිරිපාල හිතුවෙ හැම වැරැද්දටම තමන්ව සැක කරන එකේ කවුරැ හරි කරපු දෙයක් තමනිගෙ පිට උඩ වැටෙන්න එනව කියල.

කොල්ල ගත් කටටම කියපි
" අනේ සර් මමනං නෙවෙයි " කියල

ඒක අහපු උපදේශක මහත්තට ටීචට කියනව බලන්න මේ ළමය දෙන උත්තරේ මේකද ?

ටීචත් බයවෙලා කියපි
" අනේ සර්, සිරිපාල තමයි පංතියෙ දගම ළමය. අනිවාර්යයෙන් ඔය කොල්ල ඕකට සම්බන්ද ඇති " කියල.

උපදේශක මහත්තයට තරු විසික් උනා. ළමයි ඉස්සරහ නිසා මොකුත් නොකිය , විදුහල්පති තුමා හම්බ වෙල ඔක්කොම විස්තරේ කිව්ව. ඒ දේවල් අහගෙන හිටපු විදුහල්පතිතුමා කියපි
" අනේ මහත්තයෝ ඔය සිරිපාලය නාහෙට නාහන එකා. මං ඕකගෙ හම ගලෝල හරි ඇත්ත අහගන්නම්."

අසූ හාරදාහට තදවෙච්ච උපදේශක මහත්තය ඉස්කොලෙ ලොග් පොතේ මෙහෙම සටහනක් දානව.
" මේ පාසලේ ළමුන්ගේ දතිහාස දැණුම බෙහෙවින් අඩු මට්ටමක පවතී. අවම තරමේ රාමාගේ දුන්න කැඩුවෙ කවුද වත් නොදනී. නිසි ක්‍රියාමාර්ග වහාම ගත යුතුය "

මෙහෙම ලියන උපදේශක මහත්තය ඒකෙ පිටපතක් පළාත් අධ්‍යාපන කාර්‍යාලයට යවනව.

ටික දවසකින් පළාත් අධ්‍යාපන කාර්‍යාලයෙන් ලිපියක් ලැබෙනව විදුහල්පත්තුමාට. ඒකෙ තියනව

" රාමාගේ දුන්න කැඩුවේ කවුදැයි පාසලේ කිසිවෙකු නොදන්නා බව , ඉතිහාස අධ්‍යාපන උපදේශක මහතාගේ සංචාරයේදී හෙළිව තිබේ. කවුරැ කැඩුවද මේවා රජයේ දේපලයි. එනිසා වහාම රාමාගේ දුන්නේ කෑලි ඉතිරිව පවතින්නේනම් ඒවා පළාත් කාර්‍යාලයට නෙපමාව එවනක මෙන් දැනුම් දෙන අතර, රාමාගේ දුන්න පාසල් ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් කරන්න....."

හෆොයි!!!!!!!!!!!!

Thursday, March 3, 2011

සරසවි ඇත්තටම වහන්න ඕනද ?

සබරගමුව පරසවිය වැහුව කියන ආරංචිය දැන් ටිකක් පරන එකක්. ලංකාවෙ සරසවි ඇරල තියන කාලෙට වඩා වහන කාලෙ වැඩි වෙයිදෝ කියන බය අනිසි ලෙස බය වීමක්ද දන්නෙත් නෑ. ඒත් මම මේ හදන්නෙ ඒ දේවල් සාධාරණිකරන්නවත් , අසාධාරනයි කියන්නවත් නෙවෙය්. මොකද ඔය හැම එකම සාපේක්ෂ දේවල් නිසා.

ඒත් ප්‍රශ්නය ඒක නෙවෙයි. අද වෙනකම් මේ දේවලට කවුරුත් නිසි පිළිතුරැ හොයන්න හදල තියනවද ? තියනවනම් ඒ කොයි මට්ටමකින්ද?

අපි හැමෝම නිදහස් අධ්‍යාපනයට පිං සිද්ද වෙන්න ඉගෙන ගත්ත. ඒනිසා හැමෝම සිසුන්ගෙ මානසික මට්ටම් වල වෙනස් වීම අත් දැකල තියෙන්න ඕන. දරුවෙක්ගෙ පරික්ල්පන හැකියාවන් පාසල් අවධියෙ පටන් සරසවිය දක්වා වෙනස් වෙන විදිහ හරිම පුදුමයි.

අපිට මේ දේවල් වෙනස් කරන්න බැරිද ??????????????????

සමාවෙන්න!!!!!!!!

ලියන්න කියල පටන්ගත්තට ඇත්තටම ලියන්න කාලයක් හොයාගන්න බොහෝම අමාරු උනා. සමාව ඉල්ලන්නෙ මහලොකුවට කියල ලියන්න පටන්ගත්තත් , මොනවත් නොලිව්වට. විශේෂයෙන්ම බිගුවගෙන්.

කොහොම උනත් මට මෙහෙම ලියන්න හිතුන.

පහුගිය දවසක මගේ සේවාස්ථානයෙ සිදුවුන සිදුවීම් ටිකක් එක්ක හැමෝටම දයාබරත්වයෙන් අමතන්න හිතුන.

පළමු පිදුවීම.
======================

තොරතුරු තාක්ෂණ අංශයෙ ඇබෑර්තුවකට ලගදි අපි කෙනෙක්ව හෙව්ව. අපේ අවශ්‍යතාව තිබුනේ තොරතුරැ තාක්ෂණ උපාධියක් හෝ සමාන සුදුසුකමක් සහිත අයෙක්. අපි කිසිම පළපුරුද්දක් බලාපොරොත්තු උනේ නෑ. අයදුම්පත් දහස් ගණනක් ආව. අපි තොරාගත්ත 50 දෙනෙකුව සම්මුඛ පරීක්ෂණයට ආරාධනා කරා. ආපු හැමෝටම වගේ සහතික ‍මිටි ගනන් තිබුන.

පළමු වැන්නට උපාධියක් එක්ක තවත් සහතික ගණනක් තිබුන. හැබැයි පලපුරුද්දක් නෑ. දැන් ප්‍රශ්ණ අසන වාරය. මම ඇහුවෙ ඉතාම සරල පැනයක්. මෙගාබයිටයක් මෙගා බිටුවක් කරන්නෙ කොහොමද?. තරගකරැව නිරුත්තරයි. තවත් එවැනිම ප්‍රශ්ණ දෙකක් මම ඇහුව. කිසිම පිළිතුරක් නෑ. අවමතරමෙ උත්සාහයක්වත් නෑ.

හොදයි. පඩිය කීයක් විතර බලා පොරොත්තු වෙනවද ? (අපි බලාපොරොත්තු වුනේ 20,000 - 25,000). උත්තරය උනේ 65,000. (මට හීන් දාඩිය දැම්ම. ඇයි දෙයියනේ ඒ ඉල්ලන ගාන කොහොමද එයාගෙ හැකියාවන් එක්ක සංසන්දනය කරන්නෙ.)

මගෙ ඊලග ප්‍රශ්ණය , ඒ ඔයාගෙ අන්තිම උත්තරයද ? පිළිතුර උනේ ඔවි.

අනෙක් 49 දෙනාමත් එ‍හෙමමයි.

අපේ තාරුණ්‍යයට මොකද මේ වෙලා තියෙන්නෙ. ඒ අයගෙ මානසිකත්වය මොකක්ද ? ඇයි ඒ අයට හිතන්න බැරි තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන , ක්ෂේත්‍රයට පිවිසෙන්න. ටිකක කාලයක් පළපුරැද්ද අරග්තට පස්සෙ තමන්ට තව ඉදිරියට යන්න ඇයි නොහිතන්නෙ.

මේ ගැන කොච්චර හිතන්න ඕනද? මම උසස්පෙලින් පස්සෙ ඉස්සෙල්ලම රැකියාවක් කරේ රුපියල් 3500 කට. ඒ 2001. මගෙ බස්වල වියදමම ඊටවඩා වැඩි උනා. (මගේ පළමු රැකියා ස්ථානය නිවසේ ඉදල කි.මී. 86 දුරින් තිබුනෙ). මම එතන අවුරැද්දකට මදක් වැඩි කලක් රැකියාව කරා. ඒ අතරෙ මම මගෙ දැනුම වැගත්ත. මසාජය අදුරගත්ත. ක්ෂෙත්‍රය තේරුම් ගත්ත. මගෙ ඊලග සම්මුඛ පරීක්ෂණයට මම හොදින් සන්නද්ධ උනා. මගේ ඊලග නැවතුම අංක පහක වැටුපක් !!!!!

මේ හැම දේම පම්පොරිය නෙවෙයි. අද තාරැණ්‍යය හොයන්නෙ ක්ෂණික පාරවල්. මගෙ දයාබර යාළුවනේ !!!!!!!!!!!! සාර්ථකත්වයට කෙටි මං නෑ .

මම ලගදි කියෙව්ව ඉංදියාවෙ ඉන්න ශ්‍රේෂ්ඨතම පුරුෂයෙක් වන ආචාර්්‍යය අබ්දුල් කලාම්ගෙ "The Wing's Of fire " ස්වයං චරිතාපදානය. ඔහුකියනව ජීවිතය කියන කදු තරනයෙ අවසන් ඉලක්කය කදු මුදුනට ලං වීම. ඒත් ගමනේ චමත් කාරය රැදී තියෙන්නේ කදු මුදුනෙ නෙවෙයි. ඒ යන පාර අවටයි. ඉක්මනින කන්ද නගින්න ගියොත් මහන්සි වැටෙනව. කිසිම ගතියකුත් නෑ. ගමන යන්න ඕන හිමින්. අඩියක් පස්සෙ අඩියත් කියන්න ඕන. හැබැයි ඒ හැම අඩියක්ම තියන්න ඕන කදු මුදුන දෙසට!!!!!!!!!!!!!!!!!

මගේ දයාබර යාළුවනේ , දරුවනේ , මතක තියාගන්න තමන්ට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න.......