Pages

Monday, March 7, 2011

අපේ අධයාපනඅඤ්ඤයො (අධ්‍යාපනඥයෝ හෙම නෙවෙයි.)

උදේම සංජු ගේ සයිබර් සමාගම පැත්තෙ ගියා. තිබුන කථා ටික කියෙව්වම මටත් හිතුන අධ්‍යාපන(අමාත්‍යාංශය ????) ය ගැන මගෙ තියන අත්දැකීම් ටිකක් කියන්න.

හැබැයි ඊට කලින් පසුබිම හදා ගන්න කථා දෙක තුනක් කියන්න වෙනව.

රාමගෙ දුන්න කඩපු කථාව අහල තියෙන්නෙ කවුද ?.... ආ... හරි... හරි.... අත් පහල දාල අහල නැති අය අහගන්න..

මේ කථාව විවිද විදිහට මම අහල තියනව. හැබැයි මම වගකීමෙන් කියනව මේක ඇත්තටම ඇත්ත කථාවක්.

මේ සිදිධිය උනේ 1990 දශකයෙ මැද , සබරගමු පළාතෙ.

එක දවසක් ඉතිහාස විෂ්‍යයට ඉන්න කළාප අධ්‍යාපන උපදේශක මහතා පාසලකට ගියා. ඉතිං මේ උපදේශක මහතා එක් පංතියකට ගිහින් ගුරුතුමී උගන්නන දිහා නිරීක්ෂණය කලා. ගුරුතුමීත් දන්න වැඩ ඔක්කොම දාලා ඉගැන්වීම කරගෙන ගියා. උපදේශක මහතා පාඩම අවසානයෙ ළමයින්ගෙ දැණුම පරීක්ෂා කරන්න උනා.

පංතියෙ හිමිය දගම දරුව උනේ සිරිපාල. උපදේශක මහත්තය මේ බව දන්නෙ නෑ.

උපදේශක මහත්තය සිරිපාලට නැගිටින්න කියල අහනව , පුතා කියන්න බලන්න රාමගෙ දුන්න කැඩුවෙ කවුද කියල ?

බයෙන් බයෙන් නැගිටපු සිරිපාල හිතුවෙ හැම වැරැද්දටම තමන්ව සැක කරන එකේ කවුරැ හරි කරපු දෙයක් තමනිගෙ පිට උඩ වැටෙන්න එනව කියල.

කොල්ල ගත් කටටම කියපි
" අනේ සර් මමනං නෙවෙයි " කියල

ඒක අහපු උපදේශක මහත්තට ටීචට කියනව බලන්න මේ ළමය දෙන උත්තරේ මේකද ?

ටීචත් බයවෙලා කියපි
" අනේ සර්, සිරිපාල තමයි පංතියෙ දගම ළමය. අනිවාර්යයෙන් ඔය කොල්ල ඕකට සම්බන්ද ඇති " කියල.

උපදේශක මහත්තයට තරු විසික් උනා. ළමයි ඉස්සරහ නිසා මොකුත් නොකිය , විදුහල්පති තුමා හම්බ වෙල ඔක්කොම විස්තරේ කිව්ව. ඒ දේවල් අහගෙන හිටපු විදුහල්පතිතුමා කියපි
" අනේ මහත්තයෝ ඔය සිරිපාලය නාහෙට නාහන එකා. මං ඕකගෙ හම ගලෝල හරි ඇත්ත අහගන්නම්."

අසූ හාරදාහට තදවෙච්ච උපදේශක මහත්තය ඉස්කොලෙ ලොග් පොතේ මෙහෙම සටහනක් දානව.
" මේ පාසලේ ළමුන්ගේ දතිහාස දැණුම බෙහෙවින් අඩු මට්ටමක පවතී. අවම තරමේ රාමාගේ දුන්න කැඩුවෙ කවුද වත් නොදනී. නිසි ක්‍රියාමාර්ග වහාම ගත යුතුය "

මෙහෙම ලියන උපදේශක මහත්තය ඒකෙ පිටපතක් පළාත් අධ්‍යාපන කාර්‍යාලයට යවනව.

ටික දවසකින් පළාත් අධ්‍යාපන කාර්‍යාලයෙන් ලිපියක් ලැබෙනව විදුහල්පත්තුමාට. ඒකෙ තියනව

" රාමාගේ දුන්න කැඩුවේ කවුදැයි පාසලේ කිසිවෙකු නොදන්නා බව , ඉතිහාස අධ්‍යාපන උපදේශක මහතාගේ සංචාරයේදී හෙළිව තිබේ. කවුරැ කැඩුවද මේවා රජයේ දේපලයි. එනිසා වහාම රාමාගේ දුන්නේ කෑලි ඉතිරිව පවතින්නේනම් ඒවා පළාත් කාර්‍යාලයට නෙපමාව එවනක මෙන් දැනුම් දෙන අතර, රාමාගේ දුන්න පාසල් ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් කරන්න....."

හෆොයි!!!!!!!!!!!!

0 comments:

Post a Comment