Pages

Thursday, March 3, 2011

සමාවෙන්න!!!!!!!!

ලියන්න කියල පටන්ගත්තට ඇත්තටම ලියන්න කාලයක් හොයාගන්න බොහෝම අමාරු උනා. සමාව ඉල්ලන්නෙ මහලොකුවට කියල ලියන්න පටන්ගත්තත් , මොනවත් නොලිව්වට. විශේෂයෙන්ම බිගුවගෙන්.

කොහොම උනත් මට මෙහෙම ලියන්න හිතුන.

පහුගිය දවසක මගේ සේවාස්ථානයෙ සිදුවුන සිදුවීම් ටිකක් එක්ක හැමෝටම දයාබරත්වයෙන් අමතන්න හිතුන.

පළමු පිදුවීම.
======================

තොරතුරු තාක්ෂණ අංශයෙ ඇබෑර්තුවකට ලගදි අපි කෙනෙක්ව හෙව්ව. අපේ අවශ්‍යතාව තිබුනේ තොරතුරැ තාක්ෂණ උපාධියක් හෝ සමාන සුදුසුකමක් සහිත අයෙක්. අපි කිසිම පළපුරුද්දක් බලාපොරොත්තු උනේ නෑ. අයදුම්පත් දහස් ගණනක් ආව. අපි තොරාගත්ත 50 දෙනෙකුව සම්මුඛ පරීක්ෂණයට ආරාධනා කරා. ආපු හැමෝටම වගේ සහතික ‍මිටි ගනන් තිබුන.

පළමු වැන්නට උපාධියක් එක්ක තවත් සහතික ගණනක් තිබුන. හැබැයි පලපුරුද්දක් නෑ. දැන් ප්‍රශ්ණ අසන වාරය. මම ඇහුවෙ ඉතාම සරල පැනයක්. මෙගාබයිටයක් මෙගා බිටුවක් කරන්නෙ කොහොමද?. තරගකරැව නිරුත්තරයි. තවත් එවැනිම ප්‍රශ්ණ දෙකක් මම ඇහුව. කිසිම පිළිතුරක් නෑ. අවමතරමෙ උත්සාහයක්වත් නෑ.

හොදයි. පඩිය කීයක් විතර බලා පොරොත්තු වෙනවද ? (අපි බලාපොරොත්තු වුනේ 20,000 - 25,000). උත්තරය උනේ 65,000. (මට හීන් දාඩිය දැම්ම. ඇයි දෙයියනේ ඒ ඉල්ලන ගාන කොහොමද එයාගෙ හැකියාවන් එක්ක සංසන්දනය කරන්නෙ.)

මගෙ ඊලග ප්‍රශ්ණය , ඒ ඔයාගෙ අන්තිම උත්තරයද ? පිළිතුර උනේ ඔවි.

අනෙක් 49 දෙනාමත් එ‍හෙමමයි.

අපේ තාරුණ්‍යයට මොකද මේ වෙලා තියෙන්නෙ. ඒ අයගෙ මානසිකත්වය මොකක්ද ? ඇයි ඒ අයට හිතන්න බැරි තමන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන , ක්ෂේත්‍රයට පිවිසෙන්න. ටිකක කාලයක් පළපුරැද්ද අරග්තට පස්සෙ තමන්ට තව ඉදිරියට යන්න ඇයි නොහිතන්නෙ.

මේ ගැන කොච්චර හිතන්න ඕනද? මම උසස්පෙලින් පස්සෙ ඉස්සෙල්ලම රැකියාවක් කරේ රුපියල් 3500 කට. ඒ 2001. මගෙ බස්වල වියදමම ඊටවඩා වැඩි උනා. (මගේ පළමු රැකියා ස්ථානය නිවසේ ඉදල කි.මී. 86 දුරින් තිබුනෙ). මම එතන අවුරැද්දකට මදක් වැඩි කලක් රැකියාව කරා. ඒ අතරෙ මම මගෙ දැනුම වැගත්ත. මසාජය අදුරගත්ත. ක්ෂෙත්‍රය තේරුම් ගත්ත. මගෙ ඊලග සම්මුඛ පරීක්ෂණයට මම හොදින් සන්නද්ධ උනා. මගේ ඊලග නැවතුම අංක පහක වැටුපක් !!!!!

මේ හැම දේම පම්පොරිය නෙවෙයි. අද තාරැණ්‍යය හොයන්නෙ ක්ෂණික පාරවල්. මගෙ දයාබර යාළුවනේ !!!!!!!!!!!! සාර්ථකත්වයට කෙටි මං නෑ .

මම ලගදි කියෙව්ව ඉංදියාවෙ ඉන්න ශ්‍රේෂ්ඨතම පුරුෂයෙක් වන ආචාර්්‍යය අබ්දුල් කලාම්ගෙ "The Wing's Of fire " ස්වයං චරිතාපදානය. ඔහුකියනව ජීවිතය කියන කදු තරනයෙ අවසන් ඉලක්කය කදු මුදුනට ලං වීම. ඒත් ගමනේ චමත් කාරය රැදී තියෙන්නේ කදු මුදුනෙ නෙවෙයි. ඒ යන පාර අවටයි. ඉක්මනින කන්ද නගින්න ගියොත් මහන්සි වැටෙනව. කිසිම ගතියකුත් නෑ. ගමන යන්න ඕන හිමින්. අඩියක් පස්සෙ අඩියත් කියන්න ඕන. හැබැයි ඒ හැම අඩියක්ම තියන්න ඕන කදු මුදුන දෙසට!!!!!!!!!!!!!!!!!

මගේ දයාබර යාළුවනේ , දරුවනේ , මතක තියාගන්න තමන්ට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න.......

0 comments:

Post a Comment