Pages

Thursday, March 24, 2011

ගුරු මාරු ප්‍රතිපත්තිය........

ලංකාවෙ රජයේ සේවකයන් අතර දැඩිවම තියන ප්‍රශ්ණය තමයි මාරු වීම්. මාරුවීම් කිව්වම විවිධාකාරයෙ ප්‍රශ්ණ. සමහරුන්ට මාරුවීම් නැතුව ඉන්නව. සමහරු මාරුවීම් ලැබෙයි කියල බයෙන් ඉන්නව. සමහරු රාජකාරියෙන් මාරු වෙනව.
හුගක් අවස්ථාවල ඒකාබද්ධ සේවයේ හා පලාත් සේවයේ ඉන්න අයට මේ ප්‍රශ්ණය දැඩිව තියනව. ඒ අතරින් හෙද සේවය හා ගුරු සේවය ඉතා ප්‍රබලයි. හොදම උදාහරනෙ මම. මගෙ දයාබරිය සේවය කරන්නෙ නුවර එළියෙ විදුහලක. මම කොළඹ . මගෙ රාජකාරි ස්වභාවය අනුවම මට කොළඹින් පිට වෙන්ව බෑ. දයාබරිය දැන් අපේ පුංචි පැටියව කුස දරන් මාස 09ක්ම වෙනව. මම හැම සිකුරාදාවකම නුවරඑළි යනව. සදුද උදේ 02 ට විතර ආයෙ කොළඹ එනව.
මම දැකල තියනව සමහරුන්ගෙ සැමිය අනුරාධපුරේ . භාර්‍යාව ගාල්ලෙ. දැන් ඉතින් මේ දෙන්නට හම්බවෙන්න තියෙන්නෙ Facebook වලින් විතරයි. !!!!!!!!!
මාරුවක් හදාගන්න කන්තොරු පස්සෙ බඩගාන එක නවත්තල මං හුගක් කල්. එක පාරක් උත්සාහ කලා. සානුකම්පිත හේතු මත. හැබැයි අයදුම්පත ප්‍රතික්ෂේප උනා. හේතුව වසර 05 සම්පූර්ණ නොවීම. නීති තර්කෙ ඒක. හරි කමක් නෑ කියමුකො. හොදම හරිය ඒක නෙවෙයි. මාරු මණ්ඩලේ (ඉන්න මණ්ඩලේ කචල්) මහතෙක් මට කථා කරල කියනව , දයාබරීගෙ මාරැව හදන්න පුළුවන්. හැබැයි කාසි 00000 ක් දෙන්න වෙනව කියල. මම එයාගෙන් ඇහුව එතකොට නීතිය ? ග මේ මනුස්පය කිව්වෙ නීතිය වෙනස් කරන්න කාසි වලට පුළුවන් කියල. හෆොයි!!!!!!!!!! .
දයාබරිය මට කිව්වෙ අපි මෙහෙම අවුරුදු 05 ඉමු කියල. කොහේ ඉගැන්නුවත් ඉගෙන ගන්නෙ අහිංසක දෙමව්පියන්ගෙ පුංචි පැටවුනෙ.
මේ අතරෙ මට තවත් අත්දැකීමක් ලැබුන. ඒ ඉසුරු(අ)පායෙදි.
විශාකාවෙ ගුරුතුමියක් ඇවිල්ල හිටිය තමන්ගෙ මාරුවීම හදාගන්න. සියළු සුදුසුකම් සපුරා ඇත. මාරුවීම ඉල්ලන්නෙ රාජකීය විදුහලට. මීට අවුරුදු 05 කට කලිනුත් ඇය ඒ විදුහලේම වැඩ කරල.

රාජකීයෙ ගුරුවරු බොහෝ අය ස්ථාන මාරු ගන්නනෙ විශාකාවට. විශාකාවෙ ඈයො රාජකීයෙට. හරිනෙ. නීතියෙ තියෙන්නෙ එක පාසලක අවුරුදු 05 ක් ඉන්න ඕන කියලනෙ. රාජකීයෙ ගුරුවරු 358 ක් ඉන්නව!!!!! විදුහල්පත්තුමාට තියන ප්‍රධාන ගැටළුවලින් එකක් තමයි ගුරුවරුන්ගෙ මූණුටික මතක තියා ගන්න එක.

ඈත දුෂ්කර පාසලක ඉන්න ගුරුවරයෙකුට මාරුවක් ගන්න ගියාම දාහක් ප්‍රශ්ණ. හැබැයි කොළඹ අයට මොනවත් නෑ.

මට තියන එකම ගැටළුව ගුරු මාරු ප්‍රතිපතිපත්තියක් හෙම අපට තියනවැයි!!!!!!!!!!!!!!!!!!!!

3 comments:

සංජු said...

තියෙනවැයි අයියන්ඩි අපි ගිහාම පොත පෙරගෙන නොවැ දෙසන්නේ....! අර මොනාද මහා පුස්තක දෙක ආයතන සංග්‍රහයයි තවත් මොකක්දෝයි නේ. මටනම් දැන් තිත්ත වෙලා ඉන්නේ. මගේ බ්ලොගෙත් මම ලියලා අරින්නේ ට්‍රාන්ස්ෆර් බැරිනම් වෙන දෙයක් වෙද්දෙන් කියලා! අනේ මන්දා අපිට ජීව්තයක් නෑ කියලා වෙන්ටෑ හිතාගෙන ඉන්නේඒ උත්තමයෝ

දයාබර said...

අනේ නගෝ, මේ බලධාරීන් හිතන්නෙ ඒ අය සර්වබලධාරියො කියල. ගැටළුව පද්ධතිය ඇතුලෙ ඉන්න පිරිසකුත් මේ වගේ දේවලට හවුල්. මම හොදටම දන්න දෙයක් තමයි රාජකීයෙ ඉන්න කෙණෙකුට තමන්ගෙ දරුව විශාකාවට දා ගන්න ඔන උනාම උන් කරන්නෙ මාරුවීමක් ගන්නව විශාකාවට. මේකෙ අනිත් පැත්තත් එහෙමයි.
හැබැයි තමන්ගෙ දරුවට කිරි උගුරක් දී ගන්න ඈත දුෂ්කර පාසලක ගුරු මවක් අනියුක්තයක් ඉල්ලුවම ඒක දෙන්නෙ නෑ. ඇත්තටම අධ්‍යාපනය විනාශ කරන්නෙ හුගදෙනෙක් බනිනව වගේ ගුරුවරුන් නෙවෙයි. මේ නිලධාරිවාදය.

Anonymous said...
This comment has been removed by a blog administrator.

Post a Comment